Colombo Today Local News

උතුරෙන් හමුවූ මරාගෙන මැරෙන ඇදුම් ගැන විමල්ගෙන්, දිනේෂ්ගෙන් වහාම ප්‍රශ්න කරන්න යයි !

wimal dines

පසුගියදා යපනය චාවකච්චේරියේ නිවසකින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල සහ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් සහ දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලීසිය සූදානම් වන බව වාර්තා වෙයි.

මෙම මරාගෙන මැරෙන ඇදුම් කට්ටල කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයට ගෙන ඒමට සූදානම් කර තිබූ ඒවා යැයි කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි මෙසේ ප්‍රශ්න කිරීමට සූදානම් වන්නේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතාගෙන්ද පෙරේදා රහස් පොලීසිය ප්‍රශ්න කරනු ලැබුවා.

අදාළ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ඇහැලියගොදී පැවති රැස්වීමක් අමතමින් විමල් වීරවංශ මහතා මෙසේ අදහස් ප්‍රකාශ කර තිබුණා.

“මේ ගැන අනාවරණය කළා කියලා ජී. එල්. පීරිස් හිටපු ඇමතිතුමා සීඅයිඩියට කැඳවලා පැය තුනක් තිස්සේ ප‍්‍රශ්න කරනවා. ලංකාවේ සිටින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයාට ඒ විදිහිට හිරිහැර කරනවා. ඒවා දැන ගන්න එක මහ දෙයක්ද ? එතැන බඩු අල්ලනකොටම පොලිසියේ මහත්වරු අපට කියනවා, ‘ඉක්මනට මේක රටට කියන්න. නැත්නම් මේක වසන් කරන්න කියලා උඩින් නියෝග එනවා’ කියලා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයෝ අපට මේවා කියන්නේ පොලීසියේ මහත්වරු. දැන් මාවත් සීඅයිඩියට ගෙනියන්න. මේ තොරතුරු කිව්වේ කවුද ? කියලා අහන්න. අම්මා, මුත්තා කීවත්, දිව කපනවා කීවත් අපි පාවලා දෙන්නේ නැහැ

Related posts

මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් වර්ජනයක

Admin

25 හැවිරිදි තරුණියක් අතුරුදහන්. – තරුණිය සොයා යුධ හමුදාව,පොලිසිය එක්ව මෙහෙයුමක.

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට STF කැදවයි…

colombotoday

දික්වැල්ලේ වෙඩි තැබීමකින් සර්ෆ් පුහුණුකරුවෙකු ජීවිතක්ෂයට

colombotoday

ලොකු ළුෑණු මිල ඉහළට

Admin

මවක් කැලණි ගඟට විසිකළ දරුවාගේ සිරුර හුමුවෙයි.

colombotoday