Colombo Today Local News

අදත් ප්‍රදේශ රැසකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (22) දිනයේ නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවෙන බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Related posts

තඹුත්තේගම A-ශ්‍රේණියේ ක්‍රීඩාංගනයක්! – යෝධ හයේ පහරවලට මග විවෘත වේ

Admin

තෙල් මිල ඉහල යාමේ අවධානනමක් පාලනයට කමිටුවක්

Admin

වසර පහක් තුළ රේගු සහ රේගු නොවන බදු ඉවතට

Admin

ප්‍රේමලාල් ජයසේකරගේ මරණ දඬුවම: ඉරණම තීන්දු කෙරෙන අභියාචනා තීන්දුව මාර්තු මස 31

colombotoday

භූගත ජලය භාවිතයේදී සැලකිලිමත් වන්න

Admin

එන්නත් ලබා දෙනකොට පොට වරද්ද ගන්න එපා.. අපිවගේ දේශපාලඥයින්ට අන්තිමට ලැබුණාට කමක් නැහැ.

colombotoday