Colombo Today Local News

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීමේ වැඩපිලිවෙලක්

ජනාධිපතිවරයා විසින් යෝජනා කල අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් ලබා දීමේ වැසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිසාපතිවරුන් හරහා හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් පමණ ආවරණය පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව අදාළ පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස 2ක් සඳහා ලබාදීමට තීරණය කර තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

හඳුනාගත් අඩු ආදායම්ලාභීන්ගේ පෝෂණ මට්ටම පවත්වාගෙන යාමට උපකාරයක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත

Related posts

චන්ද්‍රිකාගේ ‘සංහිදියා‘ කියුම් කෙරුම් ගැන කෝට්ටේ මහා සංඝ සභාවෙන් දැඩි අප්‍රසාදය !

colombotoday

මුලතිව් විහාරස්ථාන රැකදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්.

colombotoday

බ්‍රිතාන්‍යයේ කොවිඩ් අවදානම් රතු ලයිස්තුවෙන් ලංකාව ඉවත් කරයි

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ ජනපති කොමිසමක්

colombotoday

අපයෝජනවලට ලක්වන දරුවන්ගේ වීඩියෝ පිටිගත කිරීමේ ඒකක 9ක්

colombotoday

හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 6ක් යළි රිමාන්ඩ්

Admin