Colombo Today Local News

වනඅලි ප්‍රහාරයකින් විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

පොතුවිල් සංගමන්කන්ද ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (15) උදෑසන සංගමන්කන්ද මනචේනි කැලෑවල ප්‍රදේශයේ දී අදාළ විදෙස් ජාතිකයා වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ 50 හැවිරිදි ඉතාලි ජාතිකයෙකු බව සඳහන්ය.

ඔහු එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි අයෙකු බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර මැදවච්චිය ලිදවැව ප්‍රදේශයේදී ද වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් 61 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

වගා කටයුතු සිදුකරමින් සිටික අතරතුර ඔහු මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය.

Related posts

බස් ධාවනය නොවිමෙන් මගිහූ යකා නටති. – හැටන් බස් නැවතුම්පොලේ පාලනය මගින් අතට.

colombotoday

අනවසර ලෙස ඉන්ධන ගබඩා කර ගනිමින් නැවත අලෙවි කරන පුද්ගලයින් සොයා දිවයින පුරා වැටලීම්

colombotoday

කොටි පිළිරු ඉදිකිරීමට පැමිණි ශිවාජිලිංගම් හා සෂීදරන් ප්‍රදේශයේ තරුණයෝ පන්නා දමති

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ ලන්ඩන් තානාපති සේවය අවලංගුයි.. පාඨමාලාවකට චීනයට පිටත් කෙරේ ??

colombotoday

අලුත් අගමැති රාජිත ?

colombotoday

‘මහින්ද පණ යනතුරු සාඨකේ එල්ලා තැබිය යුතුයි..‘ ෆොන්සේකා එජාප මැයි රැලියේදී කියයි

colombotoday