Colombo Today Local News

යලි යාත්‍රා කිරීමට සූදානම් වන ටයිටැනික්

දැවැන්ත අයිස් කුට්ටියක ගැටී කිසිදා ගිල්විය නොහැකි යැයි පැවසූ සුඛෝපභෝගී ටයිටැනික් නෞකාව පුද්ගලයින් 1500කට මරු කැඳවමින් 1912 වසරේ අප්‍රේල් 15 වැනිදා අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ අනතුරට ලක්වීමෙනි.

ලොවම මවිත කරවමින් එම නෞකාවට සමාන පෙනුමැති නෞකාවක් නිපදවීමට පෙරමුණ ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියානු ජාතික ක්ලයිව් පාර්මර් නම් බිලියනපතියෙකි.

මීට වසර 10කට පමණ පෙර සිට මෙම සුවිශේෂී නෞකාව යළි නිර්මාණය කිරීමේ මෙහෙයුම ඇරඹා තිබූ අතර ටයිටැනික් ටූ නම් මෙම නෞකාව 2027 වසරේ දී ටයිටැනික් නෞකාව ගමන් කළ සදම්ප්ටන් වරායේ සිට නිව්යෝර්ක් බලා යාත්‍රා කරවීම ඔහුගේ සැලසුම වී තිබේ.

තට්ටු නවයකින් යුත් නෞකාව ඉදිකිරීමට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 500 ත් බිලියනයත් අතර මුදලක් වැයකිරීමට නියමිතය.

මගීන් 2,345කට ගමන් කළ හැකි මෙම නෞකාවේ මංගල ගමන සඳහා පළමු පන්තියේ මැදිරිවලින් අඩක්ම මේ වන විටත් අලෙවි වීම විශේෂත්වයකි.

Related posts

ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමේ බලපත්‍රය අවලංගු කරයි

Admin

මිතුරාගේ පිහිපහරින් තරුණයෙක්‌ මරුට

colombotoday

කොමදෝරු ඩී.කේ.පී දසනායක රිමාන්ඩ් කරයි !

colombotoday

අධික වර්ෂාව දිගටම තිබුණොත් ලයිට් බිල අඩු කරන්න පුළුවන්

Admin

අකාර්යක්ෂම නගර සභාව ව්‍යාපාරිකයන් රකිද්දි කුණු ගඳ ගහන මහනුවර ඇල මාර්ග

colombotoday

ජනපතිතුමනි-අගමැතිතුමනි අන්තවාදීන් අත්අඩංගුවට ගන්න තව මිනී කීයක් ඕනද ?

colombotoday