Colombo Today Local News

ලහිරු තිරිමාන්නගේ මෝටර් රථය අනතුරකට ලක් වේ

අද (14) පෙරවරු 7.30 ට පමණ අනුරාධපුර, තිරප්පනේ ප්‍රදේශයේදී හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ඇතුළු පවුලේ සාමාජිකයින් ගමන් ගත් මෝටර් රථය සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් සිව්දෙනෙක් සුළු තුවාල ලබා තිබේ.

ලහිරු තිරිමාන්න ඇතුළු පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථය අනුරාධපුර දෙසටත් ලොරි රථය කැකිරාව දෙසටත් ධාවනය කර ඇත.

මෝටර් රථයේ රියැදුරුට නින්දයාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට තිරප්පනේ පොලීසිය සැක කරයි.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

තිරප්පනේ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

භාණ්ඩ බෙදාහැරීමේ සේවා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

අපේ වෘත්තීය සමිති ටික විසුරුවලා දානවා

Admin

වසා දැමූ පාලි සරසවිය යළි විවෘතයි

Admin

සිර දඩුවමට එරෙහිව ඥාණසාර හිමිගෙන් ඇපෑලක්

colombotoday

බදු ආදායම 4%කින් වැඩි කරන ලෙසට උපදෙස්

Admin

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday