Colombo Today Local News

සංහිදියාවේ ඇස් අහක බලද්දී “දිවි සරණ” අරන් බොදු බලේ බෝගස්වැවට යයි

වව්නියාව බෝගස්වැව, සැළලිහිනිගම, නාමල්ගම ගම්මානවල පවුල් 600ක් සදහා වියළි ආහාර සලාක බෙදා දීම ඊයේ සැළලිහිනිගම විහාරස්ථානයේදී සිදුවිය.

බොදුබල සේනා “දිවි සරණ” ව්‍යාපෘතිය යටතේ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ප්‍රධානයන් මෙසේ බෙදා දුන් අතර අප්‍රේල් 08 වනදා බෝගස්වැව ගම්මාන 18ක ජනතාව වෙනුවෙන් වෛද්‍ය කදවුරක්ද පැවැත්වීමට නියමිතය.

“දිවි සරණ” ව්‍යපෘතිය යටතේ ස්වයංරැකියා ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවත් එහි පළමු අදියර ලෙස මහන මැෂින් 200ක් සහ බයිසිකල් 200ක් ප්‍රධානය කිරීමටද කටයුතු කරන බවත් එහි සංවිධායකන් පවසන අතර දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ දායක්වය ඒ සදහා ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.

බෝගස්වැව ජනතාවගේ ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා වගා ලිං 80ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද “දිවි සරණ” වැඩසටහන යටතේ සැලසුම් කර ඇති බව බොදු බල සේනා සංවිධානය පවසයි.

Related posts

පුත්තලමේ සුෆි බැතිමතුන් ඉලක්ක කර වහබ්වාදීන්ගෙන් ප්‍රහාරයක්

colombotoday

කසිප්පු මෙරටින් තුරන් කරන්න – ජනපති පොලිසියට දින දෙයි…

colombotoday

බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් එන්නතේ සැපයුම් අඩාල විය හැකිබවට අනතුරු ඇඟවීමක්

colombotoday

සිසුන් 200ට වැඩි පාසැල් සතියේ දින පහේම පැවැත්වීමට අවසර

colombotoday

පාර්ලිමේන්තුව 7 වනදා රැස් කෙරේ. ගැසට් පත්‍රය අද හෝ හෙට. කතානායක පවසයි

colombotoday

විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වෙයි

colombotoday