Colombo Today Local News

සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ජලාශය මතුපිට සහ සෙවනගල කිරිඉබ්බන් වැව ජලාශය මතුපිට ධාරිතාව මෙගාවොට් එක බැගින් වන පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

කොරියානු රජයේ සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය අතර අත්සන් තබා ඇති සාකච්ඡා සටහන අනුව ව්‍යාපෘති දෙක සඳහා එළඹී ඇත.

රජය පැවසන්නේ යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් ජාතික විදුලි බල පද්ධතියට ගිගා වොට් පැය තුනක පමණ වාර්ෂික විදුලි ජනනයක් එක් කිරීමට හැකියාව ලැබෙන බවය.

ඒ අනුව එම නියමු ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක කිරීම සඳහා එම ජලාශ මතුපිට කොටස් සහ බිම් කොටස් වාර්ෂික බදු බලපත්‍ර මත ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ලබා දීමට වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතියි හිමි වී තිබේ

Related posts

අද සිට ලංකාවට හිරු මුදුන්වෙයි

colombotoday

චමල් රාජපක්ෂගේ නිවසක පොහොර, ඩීසල්, වී ගබඩා…

colombotoday

ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියේ ගින්නක් – අක්කර 50ක් විනාසයි

colombotoday

වල් නාශක හා කෘමිනාශක මිල අඩු කිරීමට සමාගම් එකඟ වෙයි

Admin

බැංකු නිලධාරිනියගේ නිවෙසට පැන දේපල කොල්ලකාලා

Admin

ගුවන්, නාවික හමුදාපතිලාටත් ෆීල්ඩ් මාර්ෂල් තනතුර දෙන ආරංචිය ගැන ෆොන්සේකාගේ අදහස…

colombotoday