Colombo Today Local News

වාහන ආනයනයට රජයෙන් ගත් නව තීරණ

විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වෙත විධිමත් බැංකු මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ හුවමාරු කිරීම මටහ විදේශයන්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2022 වසරේ අගෝස්තු මස 08 වනදා පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවිය.

ඒ අනුව ඒ සඳහා විධිවිධාන සලසමින් 1969 අංක 01 දරන ආනයන හා අපනයන පනත යටතේ නිකුත් කර ඇති 2024 අංක 02 දරන ආනයන හා අපනයන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ආදාළව ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි

එම යෝජනා ක්‍රමයේ වලංගු කාලය 2024 වර්ෂයේ ජුනි මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමට පසුගිය ජනාවාරි මාසයේ 08 වනදා පැවති කැබින් රැස්වීමේදී තීරණය කර තිබුණි.

Related posts

බුද්ධි අංශ දුර්වල කර, හමුදා නිලධාරීන් හිරේ දැමූ මේ ආණ්ඩුවේ බාප්පලා ප්‍රහාරයේ වගකීම බාරගත යුතුයි – ජනපති

colombotoday

ෂැංග්‍රීලා බෝම්බකරුගේ තඹ කම්හලේ 9 දෙනෙකුට ඇප ලැබෙයි.

colombotoday

කිලිනොච්චියේ පුද්ගල ඝාතනයක්

colombotoday

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය ගැන 12 වැනිදා දක්වා තීරණයක් ගන්න එපා – අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක්

colombotoday

බැසිල්ට තිබු විදෙස් ගමන් තහනමක් තවත් අධිකරණයකින් ඉවතට

colombotoday

2021 චීන නොබෙල් ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස්ට

colombotoday