Colombo Today Local News

වෘත්තීය පුහුණු වැඩසටහන් අද සිට ආරම්භ වේ

අද (05) දිනයේ සිට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මේ සඳහා ලියාපදිංචි වූ සිසුන් පස්වරු 02ට අදාළ මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

දිවයින පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව, මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලේ හැදෑරීමට මෙම වැඩසටහන මඟින් හිමිවේ.

මේ අතර දරුවන් දැනුමෙන් ආකල්පවලින් මෙන්ම කුසලතාවයන්ගෙන් සන්නද්ධ කරවීම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

Related posts

හිස්බුල්ලා සමග සිටි සැක කටයුතු අරාබි ජාතිකයින්ගේ සවිස්තර වාර්තාව මෙන්න

colombotoday

රත්නපුර බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් දරුණු අනතුරක්

Admin

ආගම් විකෘති කිරීම වළක්වමින් ආගමික නිදහස තහවුරු කිරීමට නව පනතක් ගෙන එන බව බුද්ධ ශාසන ඇමති කියයි..

Admin

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

colombotoday

වීරසිංහම් ආනන්දසංගරීගේ පුතු කැනඩා අමාත්‍ය මණ්ඩලයට

Admin

ගංජා සමඟ ඇල්ලූ සුමන්තිරන්ගේ රියැදුරාගේ සහෝදරයා බලෙන් නිදහස් කරලා

colombotoday