Colombo Today Local News

“ආයෙ ලංකාවේදී බැලූන් උඩ අරින්නෑ” – හුලං ගිය Google බැලුම ගැන ඇමති හරීන් කියයි

මින් පසු ගූගල් බැලූන් ශ්‍රී ලංකාවේදී ගුවන්ගත නොකරන බව, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ සීගිරිය යොවුන් පුරයේදී සැලසුම්කළ පරිදි ගූගල් බැලූනය ගුවන්ගත කිරීමට නොහැකි වීම ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේවැනි බැලුන් ගුවන්ගත කිරීමට මෙරට පහසුකම් නැති බවත්, බැලූනය හිල්වීම ගැන හිනාවනවාට වඩා ලෝකයේ වැඩිම මුදලක් ආයෝජනය කර ඇති ගූගල් ලූන් ව්‍යාපෘතිය මුලින්ම මෙරටට ලැබීම ගැන සතුටු වන ලෙසද අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියා.

සීගිරියේ පැවැත්වෙන යොවුන්පුර වැඩසටහනේදී ඊයේ දිනයේදී ගූගල් බැලූනයක් ගුවන්ගත කිරීමට නියමිතව තිබුණද යකඩ බටයක් වැදීමෙන් එම බැලූන්යට හානි සිදුවීම නිසා ගුවන්ගත කිරීමට නොහැකි වී තිබෙනවා.

Related posts

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නැහැ. – ජනපති ලේකම්

Admin

තිස්ස කුට්ටිආරච්චි මාස හයක වැටුප පරිත්‍යාග කරයි

colombotoday

“නීතිය මොකක් වුවත් ලංකාවට එන සරණාගතයන් අපි රැකබලාගන්නවා” – මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී

colombotoday

ද්‍රවිඩ සන්ධානයට පූස් පැටවු වුණත්, වැලිකඩ ඉන්නේ දරුණු කොටි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා රිමාන්ඩ්

colombotoday

රක්ෂිත කැලෑවක නිදන් හෑරූ හතරක් අත්අඩංගුවේ

Admin