Colombo Today Local News

අද ප්‍රදේශ කීපයකට වැසි

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, දකුණු, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (28) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙහිදි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ

Related posts

ඇමති ජෝන්ගේ කියන රති කෙළිය ෆේස්බුක් දැමූ අයට වැඩ වරදී… CIDට අත්අඩංගුවට ?

colombotoday

වියළි කහ තොගයක් සමග සැකකරුවෙක් අල්ලයි

colombotoday

පාස්කු ප්‍රහාරකයන්ට, මහබැංකු වංචා කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා | ජනපති ජාතිය අමතමින් කියයි.

colombotoday

විමල්ට ආණ්ඩුවෙන් යන්නැයි කියයි

colombotoday

මන්ත්‍රීවරු කැමතිනම් ගල් අරක්කු මිළ අඩු කරන්න පුලුවන්

colombotoday

කඩු 6,000ක් ආනයනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා කාදිනල් තුමන් ගොනුකළ පෙත්සම කැඳවන්න නියෝග

colombotoday