Colombo Today Local NewsUncategorized

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී පැවසුවේ විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව රුපියල් 8000ක් දක්වා වැඩි කර එය ලබන මාසයේ සිට ලබා දෙන බවයි.

මීට පෙර එම මුදල පැවතියේ රුපියල් 5000ක් ලෙස බවත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එම නිසා එම මුදල රුපියල් 8000ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.

මේ සඳහා වන යෝජනාව ගිය සතියේදී මූල්‍ය කමිටුවට යොමු කළ බවද පෙරේදා (පෙබ. 19) ඊට එම කමිටුවේ අනුමැතිය ලැබුණු බව ද අමාත්‍යවරයා කීය.

ඒ අනුව ලබන මාසයේ සිට එම වැඩි කළ මුදල විද්‍යා පීඨ සිසුන්ට ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

බොරු චෝදනා කළාට කොටදෙණියාවේ සිසුවා කෝටියක් ඉල්ලා පොලීසියට නඩු දමයි

colombotoday

සා /පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල

colombotoday

පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකසන්න උපදෙස්

Admin

කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට

colombotoday

අනාගත ශ්‍රීලනිප නායකයා මමයි… මහමැතිවරණයේදී මට විතරක් මනාප දෙන්න – දයාසිරි

colombotoday

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin