Colombo Today Local NewsUncategorized

ශ්‍රී ලංකාවට තියුණු තරගාවලි ජයක්

අද පැවති දෙවන විස්සයි විස්ස තරගය ජයගැනීම කල්තියාම තමන් සතුකරගනිමින් විස්සයි විස්ස තරගාවලියේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකරගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයෙන් ලකුණු 72ක ජයක්හිමිකරගත්තේය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරතවූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 9කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

බිනුර ප්‍රනාන්දු, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවාගත්තේය.

මෙහිදී විස්සයි වනිඳු හසරංග විස්ස තරග 63කට ක්‍රීඩා කරමින් තමන්ගේ 100 වන කඩුල්ල දවාගැනීම විශේෂත්වයකි.

මහීෂ් තීක්ෂණ සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස්කරගත්තේය.

ඒ අනුව ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 115ක් පමණි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පැවති ටෙස්ට් තරගයේ ජයත්, එක්දින තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාව හිමිකරගැනීම විශේෂත්වයකි

Related posts

බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට තර්ජනය කළ පොඩී ලැසී ගැන ගත් තීරණය

colombotoday

රජීව් ගාන්ධි ඝාතන සැකකරු ජීවිතකශයට

Admin

2011 ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාව: උපුල් තරංග ප්‍රකාශයක් ලබාදීමට පැමිණේ

colombotoday

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකගේ අවසන් කටයුතු හෙට

colombotoday

විශ්වාසභංග විවාදය පැය 12 ක්

colombotoday

උතුරු පයාගලදී පුද්ගලයකු කපා ඝාතනය කරයි

colombotoday