Colombo Today Local News

Online පනතේ සංශෝධනය තවත් මාසයකින්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ නව සංශෝධන සිදු කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ජනාධිපති නීතිඥ ‍ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ සංශෝධන ඉදිරිපත් කරනු ඇති බවයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එම සංශෝධන ඉදිරිපත් කිරීමට පෙරේදා රැස් වූ කැබිනම් මණ්ඩලය තීරණය කළේ ය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ, සංශෝධන 30කට අධික සංඛ්‍යාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි.

ඒ, විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගනිමිනි.

සමාජ මාධ්‍ය ජාල සම්බන්ධ ආයතන සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවලදී ගත් තීරණ අනුව නව සංශෝධන ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

පසුගිය දිනවල මෙම පනතේ බොහෝ වගන්ති සම්බන්ධයෙන් පාර්ශ්ව ගණනාවක් විවේචන එල්ල කර තිබින.

නමුත් පෙබරවාරි 1වැනි දා මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ අතර එය යළිත් සංශෝධනය කිරීමට සූදානම් වන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසම පවා පත්කර නොමැති පසුබිමකයි.

Related posts

ප්‍රේමලාල් අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කල හිටපු පොලිස් ලොක්කෙකුට වසර 5ක සිර දඬුවමක්

Admin

මෛත්‍රී-රනිල් පාලනයෙන් රට නැවතත් කාලිංග-මාඝ යුගයකට

colombotoday

රාජ්‍ය නායකයාට හිතේ හැටියට බනින්න මේ තරම් නිදහස තියන රටක් තවත් තියනවද?

colombotoday

රට තුළ මහ ආර්ථික අර්බූධයක්.. එදාවේල කන්නෙත් ණයට අරන්

colombotoday

මංගල සමරවීර මෙවර මැතිවරණයෙන් ඉවත් වෙයි. ඡන්ද නාමලේඛනයේ තම තිබුනට ඡන්දය එපා කියයි.

colombotoday

දෙවන පාසල් වාරය ඇරඹීම මැයි 11 ට කල්යයි

colombotoday