Colombo Today Local News

නීතිවිරෝධීව මෙරටට ආනයනය කල කෝටි 15ක භාණ්ඩ තොගයක් රේගුව භාරයට

රේගු නිලධාරීන් විසින් මැලේසියාවේ සිට මෙරටට ආනයනය කර තිබූ සැකසහිත බහාලුම් 4ක් පරීක්ෂා කර තිබුණි.

එම අඩි 40 බහාලුම් තුළ නිමි ඇඳුම් 44,000ස බැගින් තිබී ඇති අතර ගෙන්වා තිබුනේ රෙදි බවට සඳහන් කරමිනි.

මෙමගින් රජයට අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 60ක් බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ.

මෙහි සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 150කට ආසන්න බවද ඔවුන් තවදුරටත් පැවසීය.

මෙම බහාලුම් මෙරටට ආනයනය කර තිබුනේ වත්තල, කොළඹ සහ පානදුර ප්‍රදේශවල පිහිටි ඇඟලුම් ආයතන 03ක් විසිනි.

එසේම තවත් බහාලුම් 02ක සහල් බවට සඳහන් කරමින් රේගු නිලධාරින් නොමග යවමින් උඳු ගෙන්වීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව නීතිවිරෝධිව මෙරටට ආනයනය කරන ලද උඳු කිලෝග්‍රෑම් 12,688ක ප්‍රමාණයක් සොයා ගැනීමට ද රේගු නිලධාරීන් සමත්විය.

මෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 8.8ක් බවත් පැවසෙයි.

ඉන් රජයට රුපියල් මිලියන 3.8 ක බද්ධක් අහිමිවිය.

මෙම බහාලුම් නිරීක්ෂණය කිරීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහත් පැමිණ තිබුනු බවයි වාර්ථා වූයේ.

මෙම සියලු භාණ්ඩ තොග රාජසන්තක කර අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා රේගු නිලධාරීන්ට උපදෙස් දී ඇත.

Related posts

තවත් මන්ත්‍රීවරයෙක් පොසිටිව්

colombotoday

සම්බන්ධන්ට රජයේ ඇමතිධුරයක්… විපක්ෂ නායකකමින් ඉල්ලා අස්වෙන්න සූදානම්

colombotoday

එජාප ජනපති අපේක්ෂකයා සජිත් – කෘත්‍යාධීකාරී මණ්ඩලය තීරණය කරයි

colombotoday

අසල්වැසියන්ගෙන් මවට සහ පුතුට මාරාන්තික පහරදීමක්

Admin

හැදුවොත් ගඩොලින් ගඩොල ගලවනවා.. ශ්‍රීපාදයේ ඉදිකිරීම් කරන අරාබි සමාගම ගැන ඤාණසාර හිමි හෙළිකරයි

colombotoday

“ලංකාවට සිදුවූ හානියට නෞකාවෙන් අන්තර් වන්දියක් ඉල්ලනවා..”

colombotoday