පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ශ්‍රී ලංකාව හැර ගොස් ඇති බවට වාර්තා පලවෙනවා. පසුගිය සෙනසුරාදා හදිස්සියේම මෙලෙස රටින් පිටවී ඇති ඥානසාර හිමි ඒ සදහා පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණයෙන් අවසර ගෙනඇත.
මාසයක කාලයක් ඇතුලත සැකකටයුතු වාහන සහ පුද්ගලයින් විසින් උන්වහන්සේ ලුහුබදින ආකාරයක් නිරීක්ෂණය කල බව බොදු බල සේනා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් තහවුරු කර ගැනීමට colombotoday සමත්වූ අතර ඥානසාර හිමි ආපසු මෙරටට වැඩම කරන දවසක් පිලිබදව කිසිවෙකුත් නොදන්නා බවයි වාර්තා වන්නේ.
වවුනියාව බෝගස්වැව අනාතව සිටින සිංහලයන් වෙනුවෙන් විශාල වැඩසටහනක් අතරතුර උන් වහන්සේ රට හැර යාම පිලිබදව අප සොයාබැලීමක් සිදු කරන ලද අතර එහිදී මෙම කරුණු අවධාරණය කරගැනීමට අපට හැකියාව ලැබුනා.
ජපානයට වැඩමකළ ඥානසාර හිමි සමාධි බුද්ධ ප්‍රතිමාවක තීන්ත අලේප කිරීමේ වැඩසටහනකට එක්ව තිබුනු ජයාරූප අන්තර්ජාලයට එක් කර තිබුනා..