Colombo Today Sports News

ඇෆ්ගනිස්තානය ලකුණු 198කට සීමා වේ

ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන පළමු හා එකම ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (02) සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 198ක් ලබා ගත්තේ ය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනන්ජය ද සිල්වාගේ ආරාධනයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසුණු නමුත් ඔවුන්ට විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට නොහැකි විය.

රහ්මට් ශා ලකුණු 91ක් රැස් කළේ ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සාර්ථක ඉනිමක් ලබා දෙමිනි.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 04ක් දවා ගත්තේ ය.

අසිත ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය ද කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

Related posts

මිල්කා ජපානයේදී රන් පදක්කමක් දිනයි

colombotoday

අනිල් ප්‍රසන්නගෙන් ලක් මවට රිදී පදක්කමක්

Admin

අනූෂ සමරනායකටත් ඔස්ට්‍රේලියා මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ පුහුණුකරු ධුරයක්

colombotoday

නව ටෙස්ට් ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට

Admin

ඩේවිඩ් වෝනර්වත් ක්‍රීඩාගාරයට හරවා යැවූ මතීෂ

Admin

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද

Admin