TIKTOK සමාජ ජාලයේ සංසරණය වන, යුනිවර්සල් මියුසික් සමූහයේ ලේබලය යටතේ නිකුත් කළ සියලු ගීත කොටස් ඉන් ඉවත්කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ එම ගීත කොටස් භාවිතයට සම්බන්ධව සමාගම් දෙක අතර පැවති ගිවිසුම අලුත්කිරීමට සමාගම් දෙක අපොහොසත් වීම හේතුවෙනි.
මේ අනුව සුප්රකට ගායන ශිල්පීන් වන ටේලර් ස්විෆ්ට්, ඩ්රේක් සහ ඔලීවියා රොඩ්රිගෝ වැනි අයගේ බොහෝ ගීත තවදුරටත් TIKTOK ජාලයේ දැකගත නොහැකි වන බවයි සදහන් වන්නේ