Colombo Today Local News

කරුවලගස්වැව දී වෙඩිතැබීමක්

කරුවලගස්වැව පොලිස් වසමේ බුද්ධි ධීවර ගම්මානය ප්‍රදේශයේ දී මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

ඉන් තුවාල ලැබූ පුද්ගලයෙක් මේ වනවිට පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (30 දින) රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

තුවාලකරු පාවට්ටාමඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක පුද්ගලයෙකි.

තුවාලකරු කාන්තාවක් සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර, එම කාන්තාව සමග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ වෙනත් පුද්ගලයෙකු විසින් බෝර 12 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වාගෙන යයි.

Related posts

මාලක සිල්වාට ඇප

colombotoday

උදයංග පෙබරවාරි 17 දා තෙක් රිමාන්ඩ්

colombotoday

චීන – ලංකා සබදතා ගැන ඉන්දියාව නොසතුටෙන් !!

colombotoday

අරාජිකවාදයද.. ජාතිකවාදයද.. අද රට හමුවේ තිබෙන්නේ මේ දෙක අතර තේරීමක්!

colombotoday

ඉන්දුනීසියාවේ භූචලනයක්..

colombotoday

ජනපති පාර්ලිමේන්තු එයි

colombotoday