Colombo Today Local News

අවලංගු වූ උසස් පෙල කෘෂි විද්‍යාව විභාගය පෙබරවාරියට

මෙවර උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර නිකුත් වී ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ය.

අවංලගු කළ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය වෙනුවට පැවැත්වෙන නව විභාගය සඳහා පෙනී සිටීමට අදාළ ප්‍රවේශ පත්‍රය www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග අපේක්ෂකයින් සඳහා මේ වන විටත් ප්‍රවේශ පත්‍රය නිකුත් කර ඇති අතර එය ලැබී නොමැති නම් පමණක් වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍රය ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එසේ වුව ද විභාග අපේක්ෂකයින් අවලංගු වූ විභාගය සඳහා පෙනී සිටින මධ්‍යස්ථානයේ ම නව ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටින්නේ නම් එලෙස ප්‍රවේශ පත්‍රය අවශ්‍ය නොවන බව ය.

එම විෂය විශේශ විභාගයක් ලෙස පෙබරවාරි මස පළමුවන දා පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ය. ඒ අනුව, කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස එදින පෙරවරු 08:30 සිට 11:40 දක්වාත් පළමු කොටස එදින පස්වරු 1:00 සිට 3:00 දක්වාත් පැවැත්වෙනු ඇත.

Related posts

කොළඹ – බදුල්ල මාර්ගයේ බස් ලොරි අනතුර

Admin

විමල්ගේ පාර්ලිමේන්තු බෝම්බ කතාවට ජානිපෙ හරස් වෙයි… ජාතියෙන් සමාව ගන්න කියයි

colombotoday

පාන් පිටි මිලත් රුපියල් 35 කින් නිගී

colombotoday

පරිගණක පද්ධතියේ නඩත්තුව අවසන්.. ආගමන විගමන සේවා සාමාන්‍ය පරිදි

colombotoday

හරීන්ගේ ලේකම් පොහොට්ටුවට එක්වේ

colombotoday

ඩුබායි රැකියා ලබාදෙන මුවාවෙන් ලක්ෂ ගණන් ගැරූ යුවළක් දෙමටගොඩදී අල්ලයි

Admin