Colombo Today Local News

කතරගම රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ශයට

පෙරදින රාත්‍රියේ 28 කතරගම සෙල්ල කතරගම මාර්ගයේ පස්සරයාය හංදිය ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගය අසල නවතා තිබූ යතුරු පැදියක ගස් දෙකක හා ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇත.

වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් ගෙන් පස් දෙනෙකු කතරගම රෝහලට ඇතුලත් කර ඇති අතර තවත් පුද්ගලයෙකු ජීවිතක්ශයට පත්වී ඇත.

සිදුවූ අනතුරින් වෑන් රථයට බරපතල හානි සිදුවී ඇති අතර අසල්වාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා වෑන් රථය තුළ සිරවී සිටි පුද්ගලයන් එළියට ගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කතරගම රෝහලේ තැන්පත් කර ඇති අතර තුවාල ලැබූවන් පස්දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිසිය පවසන්නේ මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 25 ක් වයසැති කතරගම නව නගරය ප්‍රදේශයේ පදිංචි කරුවකු බවයි.

Related posts

කටඋත්තරයක් ඕනනම් යාපනේට එනු.. ප්‍රභාකරන්ගේ මස්සිනා CIDයට නියෝග දෙයි !

colombotoday

Facebook විහිළුව හැබැවටම. | කහපාට ගෑස් සිලින්ඩරේ නිල්පාට කර මුදලාලිව අන්දලා

colombotoday

රුපියල බාල්දු වෙයි… ඓතිහාසික වාර්තාවක් තබමින් ඩොලරය නගී

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මැතිසබයට

colombotoday

මුලතිව් කැලෑවකින් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් හමුවෙයි.

colombotoday

රටම බලා සිටි ගැසට් නිවේදනය නිකුත් වෙයි…

colombotoday