Colombo Today Local News

ඩයනාට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා තීන්දුවක් ලබා දුනි.

කෙසේ වෙතත් එම තීන්දුවට එරෙහි ව ගොනු කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19)දින අවසර ලබා දී තිබේ.

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහි ව සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරු ව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

Related posts

හබරාදුව ප්‍රාදේශිය සභාව වසා දමයි

colombotoday

තොන්ඩමන් ඉල්ලා අස්වෙයි !

colombotoday

අන්තවාදීන් රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයට රිංගා ඇතැයි නාහිමිවරු 12 නමක් ජනාධිපතිට කියති.

colombotoday

උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට

colombotoday

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින්ගේ මාරාන්තික උපවාසය තවදුරටත්

colombotoday

කෙසෙල්වත්තේ වෙඩි තැබීමක්

colombotoday