Colombo Today Local News

තේ පොහොර වර්ග තුනක මිල 2000කින් අඩු කරන්න ඇමතිගෙන් උපදෙස්

තේ වගාව සඳහා යොදන ටී -750, ටී -709 සහ ටී -200 යන පොහොර වර්ග තුනක මිල රුපියල් 2000කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

දැනට වෙළෙඳ පොලේ පවතින මිලට වඩා සියයට 50කින් පොහොර මිල අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ අනුව ටී-750 සහ ටී – 709 පොහොර මිටියක මිල රුපියල් 7735 දක්වාත් T-200 පොහොර මිටියක මිල රුපියල් 5500 දක්වාත් අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දී ඇත.

මෙම පොහොර සහනාධාරය කුඩා හා මධ්‍යම පරිමාණ තේ වගාවට ලබා දෙන අතර මහ පරිමාණ තේ වගා කරන සමාගම් සඳහා ඉහත පොහොර රුපියල් 9935ක මුදලට ලබා දීමට පියවර ගෙන තිබේ.

Related posts

පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි කතානායක ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

Colombo Today පුවතින් පසු aljazeera කැළඹෙයි. අලි සබ්‍රි ජාතිවාදය ගැන කිවූ කොටස ඉවත් කර ගනියි

colombotoday

යතුරුපැදි රේස් ගිය තරුණයෙක් මරු දකී

colombotoday

පවුල් ආරවුලකට පියා සහ පුතුට පිහියෙන් ඇනලා…

Admin

මහජන උපයෝගිතා කොමිසමට ඩග්ලස් නානායක්කාර පත්කරයි

Admin

ළමා ඉතුරුම් ගිණුම්වලට පැනවූ බද්ද ඇමති මංගල හකුලා ගනියි

colombotoday