World

උතුරු ටැන්සානියාවේ පතලක නායයාමක් – 22 ක් මරුට

උතුරු ටැන්සානියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ නායයාමකින් පුද්ගලයන් 22දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් පවසයි.

මෙම සිදුවීම Simiyu කලාපයේ Bariadi දිස්ත්‍රික්කයේ Ng’alita පතලේ සිදුවූ බව දිස්ත්‍රික් කොමසාරිස් Simon Simalenga සඳහන් කර ඇත.

අධික වර්ෂාව හේතුවෙන් ක්‍රියාකාරකම් සීමා වූ ප්‍රදේශයක පිරිසක් පතල් කැණීම ආරම්භ කිරීමෙන් පසුව මෙම නායයාම සිදුව ඇති බව සඳහන් වේ.

එරට ජනාධිපති Samia Suluhu Hassan මෙම සිදුවීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.

දිස්ත්‍රික් කොමසාරිස් Simon Simalenga පවසා ඇත්තේ, පතල් තුළ පුද්ගලයන් 19ත් 20ත් අතර සංඛ්‍යාවක් සිරවී සිටින බව තමාට මුලින් දැනගැනීමට ලැබුණ නමුත් මළ සිරුරු 22ක් ගොඩගැනීමෙන් පසු සෙවීම් කටයුතු අවසන් වූ බවයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති බැවින් එම ප්‍රදේශයට ගමන් කිරීමද සීමා කර තිබේ.

Related posts

ඉන්දියාවෙන් පකිස්ථානයේ ප්‍රදේශයකට කිලෝ 1000 බරැති බෝම්බ හෙලයි !

colombotoday

පාසලක වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙක් මරුට – සැකකාර 15 හැවිරිදි සිසුවා අත්අඩංගුවට

colombotoday

රුසියානු ජනපතිගෙන් ලෝක බලවතාට අභියෝගයක්

colombotoday

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

colombotoday

ජේඩ් පතලේ අනතුරින් පුද්ගලයන් 160ක් මියයි

colombotoday

දේව මෙහෙයකට සහභාගී වු 40 කට කොරෝනා

colombotoday