Colombo Today Local News

ඈන් කුමරිය දිවයිනට

එක්සත් රාජධානියේ රාජකීය කුමරිය වන ඈන් කුමරිය නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

අද දහවල් 1.00ට පමණ ඈන් කුමරිය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් ඈන් කුමරිය දිවයිනට පැමිණ ඇති බව සඳහන්ය.

එමෙන්ම බ්‍රිතාන්‍ය රජ පවුලේ මෙම වසරේ පළමු සංචාරය මෙය වීමද විශේෂත්වයක් වේ.

දින දෙකක් කාලයක් මෙරට රුදී සිටීමට නියමිත ඈන් කුමරිය සංචාරය අතර තුර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමට නියමිතය.

Related posts

සංහිදියා ඇමති, විදුලිබල ඇමති, බස්නාහිර ආණ්ඩුකාර ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට වැලිකඩට

colombotoday

මැතිසබේ අදත් ගිණියම්… ගුටි කෙලියකට ඔන්න මෙන්න… සභාව කල් තබයි

colombotoday

පාර්ලිමේන්තුවේ උගතුන් 50ක්වත් හිටියානම් මේ රට හැදිය හැකියි – ජනපති

colombotoday

අයි.එම්.එෆ් නියෝජිතයෝ විපක්ෂ නායක හමු වෙති

colombotoday

2022 අයවැය යෝජනාව නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට

colombotoday

ඕවල් පිටිය ඉදිරිපිට කොටි විරෝධතාවක්

colombotoday