Colombo Today Local News

ශ්‍රී ලංකන් ‘වෙබ් ද්වාරය’ ඉන්දීය සංචාරක නියෝජිතයන්ට විවෘත කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ සංචාරක නියෝජිතයන් අතර සම්බන්ධතාව වැඩි දියුණු කිරීම තුළින් පාරිභෝගිකයන්ට වඩාත් කාර්යංශම සේවයක් සැපයීම සඳහා වන එන්.ඩී.සී. හෙවත් ‘වෙබ් ද්වාරය’ ඉන්දීය සංචාරක නියෝජිතයන් සඳහා විවෘත කළ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි.

මෙම ‘වෙබ් ද්වාරය’ හරහා ලියාපදිංචි වන නියෝජිතයන් හරහා සුවිශේෂි ගුවන් ගාස්තු මෙන්ම නොමිලයේ දින සංශෝධනය කිරීමේ පහසුකම් ලැබෙන බවත් www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් එහි ලියාපදිංචි වියහැකි බවත් එම ගුවන් සේවය සඳහන් කරයි.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්යක්‍ෂමතතාව ඉහළ නැංවීම සඳහා හදුන්වා දුන් මෙම නව උපාංගය හරහා සංචාරක නියෝජිතයන්ට ගුවන් සේවය සමඟ සෘජුව සම්බන්ධවීමට ලැබීමෙන් එම ක්ෂේත්‍රය මෙතෙක් මුහුණ දුන් සංකීර්ණතාව මඟ හැරෙන බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි.

Related posts

පොලිසීයේදී වගඋත්තරකරුවෙකුට පිහියෙක් ඇනලා – කොස්තාපල්වරියකුත් රෝහලේ..

Admin

රඹුක්කන සිදුවීම ගැන විමර්ශනයට කණ්ඩායමක්

colombotoday

මීගමු ජ්‍යෙ. පොලිස් අධිකාරී කාර්යාල භූමියේ කසළ බඳුනකින් ජීව අත්බෝම්බ දෙකක් හමුවෙයි

colombotoday

අර්ථසාධක අරමුදල් නොගෙවන හාම්පුතුන්ගෙන් ඒවා අයකර ගැනිමට පියවර

colombotoday

ටිකිරි මැණිකේ පීලි පනී – උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව: නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් 3ක් නිදොස් කොට නිදහස්

Admin