Colombo Today Local News

මාර්ග කිලෝමීටර් 1500ක් වැඩිදියුණු කරන්න කැබිනට් අනුමැතිය

දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති මාර්ග අතුරින් ආරක්ෂිතව ගමනාගමනයට සුදුසු පරිදි කිලෝමීටර් 1,500ක් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, එහිදී යෝජනා වී ඇත්තේ එම තෝරාගත් මාර්ග කොටස් 2024 වර්ෂයේ මුල් මාස 06 තුළදී වැඩ නිම කිරීමටය.

ඒ සඳහා වන සම්පූර්ණ පිරිවැය රුපියල් බිලියන 20ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

මාර්ග කිලෝමීටර් 100,000 වැඩසටහන යටතේ ආරම්භ කර දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති මෙම මාර්ග කොටස් වැඩිදියුණු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Related posts

ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානයේ සහය සජිත්ට…

colombotoday

නොරෝච්චෝලෙන් යලි විදුලිය

colombotoday

මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිටත් කොවිඩ්

colombotoday

වැලිකඩ බන්ධනාගාරය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කිරීමේ තිරණයක්

colombotoday

විපක්ෂයේ සහ මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපයට එරෙහිව මහින්දගෙන් සැර නිවේදනයක්

colombotoday

වෙන්නප්පුවේ යකා නැටූ එජාප මන්ත්‍රීවරියගේ පියා කසිප්පු සමග මාට්‌ටු.

colombotoday