සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා සිටිමින් වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 12ක අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්රියාමාර්ගය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගය එළඹෙන 23 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබේ.
එම වාරණ නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා විරෝධතා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පෙන්වාදෙමින් විත්තියේ නීතිඥවරයා විසින් කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ අතිරේක දිසා විනිසුරු චාමරි වීරසූරිය මහත්මිය අද(9)දින මෙම නියෝගය ලබාදුන්නේය.