Colombo Today Local News

2023 අ.පො.ස. උසස් පෙළ ඇරඹෙයි

2023 වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ විභාගය අදින් (04)දින ආරම්භ වේ.

නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කර සිටියේ, විභාග මධ්‍යස්ථාන 2,298 කදී අපේක්ෂකයන් 346,976ක් පෙනී සිටීමට නියමිත බවයි.

විභාගය ලබන 31 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති බව ද නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය.

අධික වර්ෂාවත් සමග ඇති වූ ආපදා හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.

ඒ අනුව වැලිකන්ද, අරලගන්විල හා දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසවල අපේක්ෂකයින් සඳහා මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ විශේෂ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

සියලු විෂයන්ගෙන් විභාගයට පෙනී සිටින අපේක්ෂයකයින් සඳහා එම මධ්‍යස්ථානය තුළ පහසුකම් සලසා ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් නව විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 2 ක් ද පිහිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ, ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලය හා ලුණුගල මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමිනි.

මේ අතර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් බලපෑමට ලක්වුවහොත් ඒ බව දැනුම් දිය හැකි දුරකතන අංක පිළිබඳව ද නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

Related posts

“අපේ මන්ත්‍රීවරුන් බරපතළ අපහසුතාවයට පත්වෙලා” – මෛත්‍රීගෙන් කතානායකට පැමිණිල්ලක්

Admin

සීමා නීර්ණය තව කල් යයි.. වෙසක් උළෙලට පෙරනම් ඡන්දය බෑ – මැකො

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජනයට උප පොලිස් පරීක්ෂක සහ බැංකු කළමනාකාරවරයෙක් අත්අඩංගුවට

colombotoday

ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කරන්න යයි !

colombotoday

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අදයි

colombotoday

අද පැය 5 ක් ලයිට් කපයි. හෙට ගැන තීරණය අද රැට

colombotoday