Colombo Today Local News

තේ වගාවට පොහොර අඩුවට දෙන්න ආණ්ඩුවෙන් තීරණයක්

මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර රජයේ පොහොර සමාගම් දෙකක් වන කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම මගින් ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙතෙක් තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ලංකා තේ මණ්ඩලය විසින් තේ වගාකරුවන් වෙත පුද්ගලික අංශයෙන් මිල දී ගැනීම සඳහා ණය මුදලක් ලබා දුන් අතර ඒ සඳහා වැඩි මිලක් ගෙවීමට තේ වගා කරුවන්ට සිදුවිය.

ඇතැම් තේ වගා කරුවන් පොහොර නොයොදා එම මුදල් වෙනත් කටයුතුවලට යොදවන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙරට තේ වගාව සඳහා වාර්ෂික පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 40,000කි.

ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 6800ක් පමණ වේ.

Related posts

‘රත්නපුරේට මහ ගංවතුරක්‘ අනාවැකිය කීවේ දෙමසකට කලින්.. බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් මහ ව්‍යසනයක් වළකාගැනීමට නොහැකිවුණේ මෙහෙමයි

colombotoday

කොරෝනා වෛරසයට ප්‍රතිශක්තීකරණය ලබාදෙන ඖෂධ 10කට සූත්‍ර කමිටුවේ අනුමැතිය.

colombotoday

හමුදාව පවත්වාගෙන ගිය කිලිනොච්චියේ “සෙවන් විලා“ නිවාඩු නිකේතනයෙන් හමුදාව ඉවත් වේ !

colombotoday

මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට රුහුණු කුමාරි හෙට සිට වෙනස් වෙයි

Admin

කොල්ලකරුවන්ගේ රජ දහනක් විල්ගොඩ පිරවුම්හල

colombotoday

වතුර බෝතලෙන් ගහපු ගැහිල්ල

Admin