Colombo Today Local News

ඉන්දියන් සාගරයේ භූ කම්පන

ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරු 8ට පමණ තවත් භූ කම්පනයක් වාර්තාවී තිබේ.

ඒ අනුව, එම කාලාපය තුළ මේ වනවිට සිදුවී ඇති කම්පන සංඛ්‍යාව 4කි.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පැවසුවේ අද පෙරවරු 8ට සිදුවූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 5ක් ලෙස සටහන්වී ඇති බවය.

මීට පෙර රික්ටර් පරිමාණයේ ඒකක 4.8ක්, 5.2ක් සහ 5.8ක් ලෙස කම්පන 3ක් වාර්තාවී තිබුණි.

ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරයි.

ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පන වාර්තා වී ඇත.

සාගර පතුලේ කඳුවැටියක මෙම භූ කම්පන හටගෙන ඇති බවද වාර්තා වෙයි.

Related posts

“රජයේ විශ්විද්‍යාලවල ඉඩ මදි.. SAITM වැනි ආයතන තව හදනවා“ – සෞඛ්‍ය ඇමති රාජිත

colombotoday

“ඒක එතුමගෙ පුද්ගලික මතය පමණයි“.. සුජීව ජනපතිව හෑල්ලුවට ලක්කරයි !

colombotoday

දමිතා අබේරත්නට ඇප

colombotoday

කිරිපිටි මිල පාලනය සමාගම් අතට

Admin

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා CID නොයා මෙක්සිකෝ යයි…

colombotoday

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin