Colombo Today Local News

ක්‍රීඩා සංගම් දෙකක හා ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය අත්හිටුවයි

ක්‍රීඩා සම්මේලන 03ක හා ක්‍රීඩා සංගම් දෙකක ලියාපදිංචිය තාවකාලිව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 සහ 33 වගන්ති යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රානාන්දු මහතාට පවරා ඇති බලතල අනුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

අත්හිටුවන ලද ක්‍රීඩා සංගම් සහ සම්මේලන පහතින් දැක්වේ.

*ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය
*ශ්‍රී ලංකා කබඩි සම්මේලනය
*ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය
*ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය
*ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමය

Related posts

කලා වැවේ දීඝදන්තුට විදුලි සැරවැදෙයි

Admin

මහින්ද හා බැසිල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ධූරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිපයෙන් පන්නයි

colombotoday

ජනතාවට සහන දෙනවා වැඩී නේද කියා විපක්ෂය අහනවා

Admin

වහාම පාර්ලිමේන්තු මැතිවරණයක්…. අගමැතිගෙන් නිවේදනයක්…

colombotoday

රන්ජන් රාමනයක දිගටම මන්ත්‍රීවරයෙක් ? Video

colombotoday