World

නවදිල්ලිය ඝන මීදුමකින් වැසෙයි

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී ඇතැයි එරට මාධ්‍ය පවසයි.

ඝන මීදුම හේතුවෙන්, අගනුවර ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති අතර, ගුවන් ගමන් 110 ක් අවලංගු කෙරුණි.

ඊට අමතරව, නවදිල්ලි අගනුවර තෙක් ධාවනය වන දුම්රිය 25ක් ද අවලංගු කිරීමට සිදුවුණු බව දුම්රිය බලධාරීහු පැවැසූහ.

ඝන මීදුම උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයට ද බලපා ඇති බවත්, අධිවේගී මාර්ගවල සිදුවුණු රිය අනතුරුවලින් 12 දෙනෙකු තුවාල ලැබූ බවත් වාර්තා විය.

දිල්ලියට අමතරව, පන්ජාබය, හර්යානා, රාජස්ථාන් සහ මධ්‍ය ප්‍රාදේශ් යන ප්‍රාන්තවලින් ද ඝන මීදුම් කාලගුණයක් වාර්තා වේ.

Related posts

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළට

colombotoday

Live Reporting: පැරිස් නුවරට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – ප්‍රංශයේ හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

රැජිනගේ ඔටුන්නේ දියමන්තිය දකුණු අප්‍රිකානු දේශප්‍රේමීන් ආපසු ඉල්ලයි

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

colombotoday

ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ 50 පැන්න දේශපාලඥයෙක් 14 හැවිරිදි දැරියක් විවාහ කර ගනියි.

colombotoday

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

colombotoday