Colombo Today Local News

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් වලින් රුපියල් කෝටි 26ක දඩ

මෙම වසරේ සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 26කට අධික මුදලක් දඩ වශයෙන් අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ වෙළෙඳපොළ තුළ වැටලීම් 22,000ක් පමණ සිදු කර ඇති අතර, ඉන් 21,000ක් පමණ නඩු පවරා ඇති බව එම අධිකාරිය සඳහන් කර තිබේ.

එහි දී අධිකරණ මඟින් රුපියල් විසි හය කෝටි හැත්තෑ හය ලක්ෂ තිස් දහස් හාරසිය හතළිස් අටක පමණ මුදලක් දඩ වශයෙන් අය කරගෙන ඇත.

තොග සඟවා ගැනීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අදාළ නඩු පවරා ඇති බව සඳහන් වේ.

මේ අතර, උත්සවය සමය ඉලක්ක කරගනිමින් ආරම්භ කළ විශේෂ වැඩසටහන යටතේ මේ වන විට වැටලීම් 1,185ක් සිදු කර ඇත.

ඉදිරි දින කිහිපයේ දී එම වැටලීම් අඛණ්ඩ ව සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

“බුද්ධාගමට මුල්තැන දුන්නොත් බලාගෙනයි.. අනාගමික ව්‍යවස්ථාවක් හදනු“ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගොරවයි

colombotoday

සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

colombotoday

මොරගහකන්ද ප්‍රධාන වේල්ලේ ජල කාන්දුවක්

colombotoday

සුදු පැළ කීඩෑ හානියෙන් වී ගොවිතැනට බලපෑම්..

Admin

අන්තරේ විරෝධතාවයට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම රකින්නට භික්ෂු විරෝධයක්

colombotoday