Colombo Today Local News

නිලාවේලි පරෙවි දූපත තාවකාලිකව වසයි

ඊසාන මෝසම් වර්ෂාව ආරම්භවිමත් සමග මුහුදේ වාරකන් සමය එලඹිම හේතුවෙන් ත්‍රිකුණාමලය නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසාදැමු බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

දූපත නැරඹීමට බෝට්ටු මගින් යන සංචාරකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ.

මුහුදේ මෙම රළු ස්වභාවය බොහෝවිට ලබන වසරේ පෙබරවාරි අවසන් වන තෙක් පවතින අතර ඒ අතරවාරයේ ඇතැම් දිනවල මුහුද සාමාන්‍ය ස්වභාවයක් ගන්නා දිනවල දූපත නැරඹීමට සංචාරකයන්ට ඉඩදිය හැකි බවත් එම දින කවදාදැයි තීරණය කල නොහැකි බවත් පරෙවි දුපත් උද්‍යාන නිලධාරීන් පවසයි.

Related posts

බොරතෙල් මිලට සහන දෙන්න -ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලයි

colombotoday

විල්පත්තු විනාශයට, පුරාවිද්‍යා සංහාරයට නීතිය ක්‍රියාත්මක වී නෑ.. අන්තවාදය නඩත්තු කරන්නේ ආණ්ඩුවයි

colombotoday

ජාතික දුම්රිය කෞතුකාගාරය සහ දුම්රියේ ඉදිරි මග

colombotoday

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය තහවුරු කරන්න – නීතිඥ සංගමය

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට උදව් කරන රටවල් අතරට ලංකාවේ නමත් එක්වෙයි !

colombotoday

අපරාධකරුවන් රැසක් අල්ලා ගත් පොලිස් “කෝරා” ජීවිතයෙන් සමුගනියි

colombotoday