Colombo Today Local News

හාලිඇල නාය යාමක්… අවදානම් කලාපයේ පවුල් 10ක් ඉවත් කරයි

හාලිඇල ස්ප්‍රීන්වැලිවත්ත අංක පහ කොටස ප්‍රදේශයේ අද(20) දහවල් සිදුවූ නායාමක් හේතුවෙන් එහි අවදානම් කලාපයේ පදිංචි පවුල් දහයක් ආරක්ෂිත පියවරක් වශයෙන් ඉවත් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙසේ ඉවත්කර ඇත්තේ ස්ප්‍රීන්වැලි වත්ත අංක 5 කොටසේ අංක හතර නිවාස පේළියේ පදිංචිව සිටි පවුල් දහයකි.

නිවාස පේළිය යටින් ඇති ඉවුර නාය යාමක් සිදු වී ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එම ස්ථානය පරීක්ෂාකිරීමට නියමිත බවත් එම ආයතනය ලබා දෙන නිර්දේශයන් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

ක්‍රීඩා ඇමැතිට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

Admin

දේශීය කිරි පැකට්ටුවක මිල ඉහළට

colombotoday

රනිල්-සජිත් සාකච්ඡා අසාර්ථකයි… මහ මැතිවරණයට සජිත් වෙනම සන්ධානයකින් !

colombotoday

මූලික සුදුසුකම් ‘එස්‌’ තුනයි. සයිටම් සිසුන් 980ක්‌ කොතලාවල යවන කෙටුම්පත මැතිසබයට

colombotoday

ඉන්සියුලින් මෙරටදී නිෂ්පාදනයට සැලැස්මක්

colombotoday

ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයි

Admin