World

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් තර්ජන එල්ල වන බැවින්, රතු මුහුදේ වෙළෙඳ නාවික කටයුතු සඳහා විශේෂ ආරක්ෂාවක් සැපැයීමට, ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් 10ක් අත්වැල් බැඳගෙන සිටින බව ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් පවසයි.

පසුගිය සති කීපය පුරාවට ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්, රතු මුහුදේ නැව්වලට පහර දෙමින් බාධා කළේය.

ඒ, ඊශ්‍රයල හමාස් අර්බුදයේ දී, ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් පලස්තීන මුස්ලිම් වැසියන් මියයෑමට විරෝධය දක්වමිනි.

රතු මුහුදේ වෙළෙඳ නැව්වලට ආරක්ෂාව ලබාදීමට ඇමෙරිකාව සමඟ අත්වැල් බැඳගෙන සිටින රටවල් අතරට බහරේනය, කැනඩාව, සීෂෙල්ස්, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ඉතාලිය ද අයත් වෙයි.

Related posts

කොලොම්බියාවේ ජනපති ගිය හෙලිකොප්ටර්යට වෙඩි

colombotoday

මැකාෆී නිර්මාතෘ සිර මැදිරියකදී සියදිවි නසා ගනී

colombotoday

ඉන්දීය පාලිත කාශ්මීරයට ඇඳිරි නීතිය පනවයි

colombotoday

මොක්සි අඟහරු මත ඔක්සිජන් නිපදවයි

colombotoday

ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එකග වෙයි

colombotoday

කොකේන් ජාවාරම්කළ හොන්ඩුරාස් ජනාධිපති.

colombotoday