Colombo Today Local News

පැය 24ක පොලිස් විශේෂ මෙහෙයුම්වලදී 2,121ක් අත්අඩංගුවේ

ගෙවුණු පැය 24 කාලය තුළ දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 2,121ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එම පිරිසෙන් සැකකරුවන් 12 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

එසේම සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සඳහා පුද්ගලයන් 133 දෙනෙකු යොමු කර ඇති බව ද පොලීසිය පැවසීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ගත් බව පොලීසිය පැවසීය.

පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ.

හෙරොයින් 2kg 232g
අයිස් 769g
ගංජා 178kg 916 g
ගංජා පැළ 30,550ක්
ඈෂ් 35kg 89g
මාවා 626g
තූල් මත්ද්‍රව්‍ය 102g
මත්පෙති 3,489ක්

Related posts

කොස්ගොඩ තාරක ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් සිවුදෙනකුට ඩෙංගු

colombotoday

යුරෝපා සංචාරය නිමා කර ජනපති යළි දිවයිනට

Admin

ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

colombotoday

ශ්‍රී ලංකාවේ රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කරන්න මෙල්බර්න්හි සල්පිලක්

Admin

අයගම නායයෑමෙන් අතුරුදන්වූවන්ගෙන් අයෙක් බේරා ගනී

colombotoday

වල්සපුගල ගොවීන්ගේ සත්‍යග්‍රහය දින 105කට පසු අවසන්

colombotoday