Colombo Today Local News

අයිස් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 100ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට සැක කෙරෙන කාන්තාවක් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය තොටළඟ ‘මෙත්සඳ සෙවණ’ නමැති මහල් නිවාස සංකීර්ණයේ දී මෙම ජාවාරම සිදු කර ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකාරිය සතු ව තිබී රැපියල් ලක්ෂ 15ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 100ක් තිබුණු බව පොලීසිය සඳහන් කරයි.

සැකකාරිය, කිඹුලාඇලේ ගුණාගේ අයියා වන ශිවා විසින් මෙහෙයවන 56 හැවිරිදි කාන්ති නැමැති කාන්තාවක් බව පොලීසිය සොයාගෙන ඇත.

සැකකාරිය ඊයේ (14)දින අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා වෙත යොමුකිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

හිස්බුල්ලාගේ තර්ජනය ඉස්ලාම් නොවන අයට එරෙහිව ‘මිලේච්ඡ ජිහාඩය‘ ළග එන බවට ඉගියක් !

colombotoday

නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින්ගෙන් අයකරන දඩය ඉහළට

Admin

සූජීව ඇලෝසියස්ගෙන් ලක්ෂ 30 ක් අරන්… අධිකරණයේදී සියල්ල හෙළිවේ

colombotoday

ඉන්ධන බවුසරයක් කරනම් ගසයි

colombotoday

අරගලකරුවන් පස්දෙනෙක් නුවරඑලියේ සැඟව සිටියදී අත්අඩංගුවට

colombotoday

කොකේන් ගිල ආ කෙන්යානුවෙක් කටුනායකදී මාට්ටු

colombotoday