Colombo Today Local News

සතොස භාණ්ඩ 10ක මිල පහළට

එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.

සතොස කිරිපිටි මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල 940කි.

ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර ග්‍රෑම් 155 ටින් මාළු මිල රුපියල් 10කින් අඩුකර තිබේ.

දේශීය ටින්මාළු ග්‍රෑම් 425 රුපියල් 20කින් මිල අඩුකර ඇත.

අනයනික අල මිල රුපියල් 15කින් අඩුකර තිබේ.

රතු නාඩු සහ සුදු නාඩු සහල් කිලෝ එකක මිල රුපියල් 15කින් සහ රුපියල් 05කින් අඩුකර ඇත.

කඩල කිලෝවක මිල රුපියල් 5කින් ද අඩුකර තිබේ.

ජනතාවට අඩුම සීනි මිල සතොස හරහා ලබාගත හැකි බවත් සීනි කිලෝවක් රුපියල් 275කට අලෙවි කරන බවත් සතොස නිවේදනය කරයි.

බිත්තරයක් රුපියල් 35කට ලබාදීමට ද තීරණය කර ඇත.

උත්සව සමය වෙනුවෙන් ලූනු කිලෝවක මිල රුපියල් 400ක මිලට පහළින් පවත්වාගෙන යෑමට කටයුතු කරන බවත් සතොස දැනුම්දෙයි.

එම මිල අඩුකිරීම් අද (15)දින සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසීය.

Related posts

සහරාන්ගේ බිරිදගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් !

colombotoday

පාසල් වේලාව පැයකින් දීර්ඝ කෙරේ

colombotoday

අලුත් පොලිස්පති ‘පොලිස් දෙපාර්තමේන්තුව’ නැති කරයි.. අවසාන මාධ්‍ය සාකච්ඡාවත් තියයි

colombotoday

රනිල් මෛත්‍රී එකතු වෙලා දිවුරති

colombotoday

ඇඳිරි නීතිය ඉවත් කළහොත් විදුලි කප්පාදුව පැය 5 ක් දක්වා ඉහළට

colombotoday

ඩොලර් ගෙවාගන්න බැරිව තෙල් නැව් 4ක් වරායේ

colombotoday