Colombo Today Local News

වසර 108කට පසු හෙන්රි පේද්‍රිස් ඝාතනය ගැන හොයන්න කමිටුවක්

වසර 108කට පෙර ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම සඳහා ජනපති ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා පත්කර ඇත.

ශ්‍රී ලංකාවේ යටත්විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලහාල සහ රාජද්‍රෝහී ක්‍රියාවන් සිදුකළ බව පවසමින් හෙන්රි පේද්‍රිස් මරණ දඬුවමට ලක්කර තිබේ.

වර්ෂ 1915 ජුලි මස 07 වනදා එවකට 27 හැවිරිදි වියේ පසුවූ ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතා යුද අධිකරණයක් හමුවට පමුණුවනු ලැබීය.

අනතුරුව හෙන්රි පේද්‍රිස් විසින් ඉදිරිපත් කළ කිසිදු අභියාචනාවක් නොසලකා මරණ දඬුවමට ලක්කිරීම තවත් විශේෂත්වයකි.

මියගිය හෙන්රි පේද්‍රිස් මහතාගේ දේහය යුද නීතිය යටතේ වරදකරුවෙකු වූ අපරාධකරුවෙකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් හෙළි නොකළ පරිශ්‍රයක ආදාහනය සිදුකර ඇත.

ඒ මහතාගේ ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සිදුකරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, එම ඝාතනය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු අනාවරණය කරගනිමින් එතුමාට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත්කර ඇත.

Related posts

මධුෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

colombotoday

“දුමින්ද සිල්වාට එරෙහි ප්‍රධාන සාක්‍ෂිය හිරුණිකා ගොතන ලද බොරු සාක්‍ෂියකි”

colombotoday

අක්මීමන දයාරතන හිමි අත්අඩංගුවට ගනී..

colombotoday

දෙමල සන්ධානය ඉඩම් ඉල්ලුවාට යාපනයේ ඉඩම්වලින් හමුදාව අතේ තිබෙන්නේ සියයට එකයි

colombotoday

විදුලි බල සහ බලශක්ති ඇමති කටාර් කම්කරු ඇමති හමු වෙයි

colombotoday

රනිල් සමග වැඩ කරන්න බැරිනම් ජනපති ඉල්ලා අස්විය යුතුයි…

colombotoday