Colombo Today Local News

බඩඉරිඟු වගාවට ‘සේනා’ගෙන් දැඩි හානි

බඩ ඉරිගුවගාවට යළි සේනා දළඹුවන් පැමිණ හානි කිරීම හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු ගොවීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති.

දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තිඹිරිගොල්ල ගම්මනයේ සහ උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බංඩාරදුව ගම්මානවල හේන් වගාවන් සේනා දළඹුවා ගේ දැඩි හානි සිදුව ඇත.

සේනා දළඹුවා ගෙන් තම වගාව ආරක්ෂා කර ගැනිමට ගොවින් යම් යම් උපක්‍රම භාවිතා කළද ප්‍රථිපලයක් නොලැබුන බව ගොවිහූ සදහන් කරති.

අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 12500 ක පමණ බඩ ඉරිගු වගා කර ඇති බවත් මෙම තත්වය පාලනය නොවුනහොත් ඉදිරියේදී අස්වැන්න විනාශවී යනු ඇතැයි ඔවුහු කියති.

මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ අම්පාර සහකාර අධ්‍යක්ෂක කේ.ඒ.කේ.එස් ලක්මාල් මහතා සඳහන් කරන්නේ…

බඩ ඉරිගු වගා කිරිමට කලින් ගොවින් සදහා මුලික දැනුවත් කිරිම් රැස්විම් වලදි සේනා දළඹු උවදුර ගැන අපි දැනුවත් කරලා තියෙනවා. ඒවා ට මුලිකව කළයුතු පිළියම් ගැන දැනුවත් කරල තියෙනවා. යනුවෙනි

Related posts

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

Admin

LTTE ය තවදුරටත් සක්‍රීයයි… ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමරිකාව නම් කරයි…

colombotoday

පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අත්අඩංගුවට

Admin

අප්‍රේල් මුල සිට හයිලන්ඩ් කිරිපිටි යලි වෙළදපොලට

colombotoday

අනුරාධපුර – වව්නියාව දුම්රිය ධාවනය මාස පහක‍ට අත්හිටුවයි

Admin

විෂ මත්ද්‍රව්‍ය සොයා FB සාදවලට පොලීසියේ ඇස යොමු වෙයි

colombotoday