World

ඊශ්‍රායල – හමාස් ගිනිසිළු මැද උන්හිටිතැන් අහිමිවුණු පලස්තීන දරුවන් මිලියනයක්

දිනෙන් දින ඔඩුදුවන ඊශ්‍රායල හමාස් ගැටුමින්, උන්හිටිතැන් අහිමිවුණු පලස්තීන දරුවන් ගණන මිලියනයක් බව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, දරුවකුට ජීවත් වීමට ලෝකයේ ඇති භායනකම සහ අනතුරුදායකම ස්ථානය ගාසා තීරය බවයි.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරය මේවනවිට අමු සොහොනක් බවට පත් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.

ගාසා තීරයේ ආහාර, ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොමැති බවත්, ගාසා තීරයේ පලස්තීන කාන්තාවන් සහ දරුවන් ඉතා දුක්ඛිත ජීවිත ගතකරන බවත් යුනිසෙෆ් සංවිධානය වැඩි දුරටත් පවසා තිබේ.

Related posts

සුඩානයටත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

colombotoday

සූවස් ඇළේ සිරවුණු නෞකාව ලෝක ආර්ථිකයත් සිර කරන ලකුණු

colombotoday

තවත් මාධ්‍යවේදියෙකු වෙඩිතබා ඝාතනය කෙරේ

colombotoday

පකිස්ථානය ඉන්දීය ගුවන් යානා දෙකක් බිමහෙළයි

colombotoday

මහින්දත් එක්ක යාවියෑයි බියෙන්, නැවත වරක් පුංචි ඡන්ද අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැදවයි

colombotoday