Colombo Today Local News

අයිස් තොගයක් සමඟ අංගොඩ කාන්තාවක් STF අත්අඩංගුවට

දැනට විදෙස්ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාතර කල්ප යන පුද්ගලයාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ කුඩු ධනූ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකකට අධික ප්‍රමාණයක් සහ මුදල් සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලම්පිටිය පොලිස් වසමේ කුඩා බුත්ගමුව, අංගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 50 ක්, විද්‍යුත් තරාදියක්, ජාවාරමින් උපයාගන්නා ලද බවට සැක රුපියල් 12,000 ක් සහ ජංගම දුරකථනයක් මෙහිදී පොලිස්භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.

Related posts

මහ බැංකුව පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල් දමයි

Admin

ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනෑ නැතැයි ජනපති ලේකම් මැකෝට ලියයි

colombotoday

ඇණවුම් ප්‍රමාදයි… අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120ක් හිඟයි

Admin

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගැන ඥාතීන්ට දැන ගන්න තොරතුරු කේන්ද්‍රයක්

colombotoday

ඇමති වජිරගේ වැය ශීර්ෂයත් පරාදයි…

colombotoday

විමර්ශනයක් ඉල්ලා කංචන CID යයි

colombotoday