Colombo Today Local News

සජබ වඩිවේල් ජනාධිපති උපදේශක කරයි

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ජනාධිපති උපදේශක තනතුරකට පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇත.

උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් උපදේශන කටයුතු වඩිවෙල් සුරේෂ් මහතාට පවරා තිබේ.

අදාළ කාරණය සම්බන්ධයෙන් නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වල කටයුතු මෙහෙයවීමද වඩිවෙල් සුරේෂ් මහතාට පැවරුණු වගකීම් අතර වේ.

Related posts

ලංකාව ඩොලර් මිලියන 10ක අවි තොගයක් බල්ගේරියාවට විකුණයි

colombotoday

සීනි කන්ටේනරයෙන් කෝටි 300ක කුඩු මතුවෙයි !

colombotoday

ජනපති යෝජනා කරයි.. එස්බී ස්ථීර කරයි.. සන්ධානයේ නව මහලේකම් මහින්ද

colombotoday

වසරේ මේ දක්වා කාලය තුළ වන අලි 400ක් මිය ගිහින්

Admin

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

දිවයින පුරා කුඩා වැව් 10,000ක් සිඳී යයි – වැව්වල ළිං හාරන්න අවසර

Admin