ගම්පහ ප්රදේශයේ ව්යාපාරික ස්ථානයක විදුලිය විසන්ධිකිරීමට ගිය අවස්ථාවේ අදාළ නිලධාරීන්ට පහර දුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමෙන් තුවාල ලැබූ විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙක් එම අවස්ථාවේ දී ගම්පහ මූලික රෝහලට ඇතුළත් කළ බවයි පැවසේ.
මෙලෙස අදාළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත.