Colombo Today Local News

මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි සමූහ මිනීවලේ කැනීම් තාවකාලිකව නවත්වයි

මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පිහිටි සමුහ මිනිවලේ කැනීම් කටයුතු දෙවන අදියර අද (29)දින තාවකාලිකව නවතා දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා නියෝග කොට තිබේ.

මේ අනුව, දෙවන අදියර දක්වා සිදුකරන ලද කැනීම් වලදී සිරුරු 39ක අස්ථි කොටස් හමුව ඇති අතරම තෙවන අදියරේ කැනීම් කටයුතු ලබන වසරේ 2024 මාර්තු මස මුල සිට ආරම්භ කරන බවටද මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දැනුම් දී ඇත.

පසුගිය 20වනදා දෙවන අදියරේ කැනීම් කටයුතු ආරම්භ කරන විටත් පළමු අදියර යටතේ සිරුරු 17ක අස්ථි කොටස් හමු වී තිබූ අතර 20 සිට 28 දින දක්වා කාලය තුලදී සිරුරු අස්ථි කොටස් 22 ක් සොයාගනු ලැබීය.

මෙහිදී සමූහ මිණීවලේ මේ වන විට මීටර් 3ක පළලින් යුත් මීටර් 7ක පමණ දිගින් යුතු වපසරියක කැනීම් කටයුතු සිදුකොට අවසන් වී ඇත.

Related posts

පොදු සතුරා කවුද? තනිව ගියොත් වෙන්නෙ මොනවාද? මහින්ද හෙළි කරයි

colombotoday

නව විවස්තා කෙටුම්පත ඉදිරි මාස 3 ඇතුලත. ජනතා අදහස් ලබා දීමට මාස 6ක්

colombotoday

ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි අරඹන්න තීරණයක්

Admin

ඇලෝසියස් හා රාජපක්ෂලා අතර ඇති සම්බන්ධය ඇමති පී. හැරිසන් හෙළිකරයි…

colombotoday

ගම්මන්පිල ප්‍රශ්න කරන්න කැඳවන්න

Admin

ත්‍රස්ත විරෝධි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්යයි

Admin