Colombo Today Local News

නොරොච්චෝලේ බලාගාරයේ 3වැනි ජනන යන්ත්‍රය අද ජාතික පද්ධතියට

නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කළ නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රය අද (29)දින ජාතික පද්ධතියට එක් කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කරන්නේ, එමගින් මෙගාවෝට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බවයි.

මේ අතර කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය කළ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ද ලබන මස 16 වැනි දා වන විට ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර වර්ෂාවත් සමග මේ වනවිට දෛනික විදුලි බල ජනනයෙන් 65% ක්ම සිදු වන්නේ ජල විදුලියෙනි.

වසරේ මේ දක්වා කාලය තුළ ජල විදුලිය වැඩියෙන්ම නිෂ්පාදනය කළේ, පසුගිය දින කිහිපයේදී බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරන්නේ, තම අධිකාරියට අයත් ජලාශවල ධාරිතාව සමස්ත ධාරිතාවයෙන් 88% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ජල විදුලිය සඳහා උපරිමයෙන් ජලය නිකුත් කිරීම මේ වනවිට සිදුවන බව ද එම අධිකාරිය සඳහන් කළේ ය.

Related posts

හමුදා බෆල් රියක ගැටී දැරියක් මිය යයි.. පුංකුඩුතිව් නොසන්සුන්

colombotoday

කඩ කාමරයක් තුළ මියගිය කාන්තා මළ සිරුරක් හමු වෙයි

Admin

සජිත් ජනාධිපති කර අගමැති වෙන්න පොරකන ඇමතිවරු මෙන්න

colombotoday

පොහොර ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

ක්‍රිකට් තරග පැවැත්වෙන දිනවලදී කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Admin

“සම්බන්ධන්ගේ ෆෙඩරල් කතාව සංහිඳියාවට අගුණයි… අපි විරුද්ධයි” – හෙළ උරුමය

colombotoday