මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගුණතිලක රාජපක්ෂ මහතා විදුලි සෝපානයක සිරවීමෙන් අකරතැබ්බයකට මුහුණ දී තිබේ.
ඒ මහතා මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ විදුලි සෝපානයේ ගමන් කරමින් සිටියදී මෙලෙස එය ක්රියා විරහිතව ඇත.
එම අවස්ථාවේ ඒ මහතා සමග ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුද එහි සිට ඇති අතර පසුව දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සිටි පොලිස් නිලධාරීන් මහත් පරිශ්රමයක් දරා ඔවුන්ව ඉන් පිටතට ගැනීමට සමත්ව ඇත.
කෙසේ වෙතත් මිනිත්තු 20කට පමණ ආසන්න කාලයක් මන්ත්රීවරයා සහ ආරක්ෂක නිලධාරීන් එහි සිරවී සිට තිබේ.